වරායේ කන්ටේනර් සඳහා අය කරන දඩ මුදල තාවකාලිකව අත්හිටුවන්නැයි අනායනකරැවෝ ඉල්ලති

0
438

වරායේ පවතින බහාළුම් දින 07 ක් තුළ ඉවත් කර නොගතහොත් ප්‍රමාද ගාස්තුවලට අමතරව දඩ මුදල් අය කරන බැවින් එම අය කිරීම තාවකාලිකව නතර කරන ලෙසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

පවතින ඩොලර් හිඟය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාළුම් 1700 ක් පමණ වරාය තුළ සිර වී තිබීම හේතුවෙන් ඔවුන් එම ඉල්ලීම සිදුකළහ. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

ඔවුන් පවසන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහළුම්වලින් බහුතරයක් පවතින්නේ දකුණු ආසියානු පිවිසුම් පර්යන්තයේ බැවින් වරාය අධිකාරිය පමණක් අදාළ දඩ මුදල් අය නොකර සිටියහොත් එයද ගැටළුකාරී තත්ත්වයක් වන බැවින් පර්යන්ත තුනෙන්ම මෙලෙස දඩ මුදල් අය කිරීම තාවකාලිකව නතර කර ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here