Wednesday, September 25, 2024

ඔමික්‍රෝන් රටට එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා

ඔමික්‍රෝන් රටට එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා බවත් ඒ බව මේ වනවිට තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකළ ප්‍රභේද පරීක්ෂාවකදී මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 160 දෙනෙකු තහවුරු කිරීම තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ වැරදි බව නැවත නැවතත් තහවුරු වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

මෙම හදුනා ගැනීමට අදාලව ගුවන් මගීන් 5000ක පමණ ප්‍රමාණයකින් සිදු කල පරීක්ෂණ 300ක් පමණ කොවිඩ් ආසාදිතයින් බවත්, එයින් 160ක ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවට පත් වීමත් හරහා, ආසාධිතයින් රටට ඇතුලුවීම වැලැක්වීම සදහා රටට ඇතුළු වීමට පෙර PCR පරීක්ෂණ සිදු කිරිමේ අවශ්‍යතාවට සහ කොවිඩ් මර්ධනය සඳහා එහි ඇති වටිනාකම ඉතා පැහැදිළිව තහවූරු වී ඇත.

ඒ අනූව ගුවන් මගීන්ගෙන් 6%කට පමණ කොවිඩ් ආසාධනය තිබිය හැකි බවත්, එයින් 4%කට වඩා වැඩි ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවත් අනුමාන කල හැකිවන අතර, රට ආරක්ෂා කිරීම සදහා ඔවුන් රටට ඇතුළුවීමට පෙර පරීක්ෂා කර නිරෝධායනය කිරීම අත්‍යාවශ්‍ය බව පැහැදිළිය.

මෙම ආසාදිතයින් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් හා ගුවන්ගත වීමට දින තුනකට කලින් කොවිඩ් නොමැති බවට වාර්තා රැගෙන පැමිණි අය වුවත්, දින පහක් පමණ ඇතුලත යලි සිය රටට යෑම සදහා සිදු කරණු ලබන් පරික්ෂාව මගින් ආසාධිතයින් බව තහවුරු කරගත් අය වෙති.

ඒ හේතුවෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහතික රැගත් ගුවන් මගීන් වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනූව PCR කිරීම අනවශ්‍ය බවට නිති පනවා, රටට ඇතුළු කරගත් ගුවන් මගීන් වේ. එනිසාම ඔවුන් ඔමික්‍රෝන් සහ අනෙකුත් ප්‍රභේද රැගෙන නිදහසේ රටට ඇතුලුවී, නිදහසේ රට තුල සංචරනය කල අය වෙති.

මෙම තහවුරු කිරීම් සිදුවන්නේ අසාදිතයින් හදුනා ගැනීම සදහා ජපුර රසායනාගාරය සිදු කරනු ලබන ඉතා සුළු පරීක්ෂණ ප්‍රමාණයකින් වන අතර, ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර ඇති රසායනාගාර කිසිවක් මෙතෙක් ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කර නොමැත.

ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගතයේ ප්‍රවණතාවය පුරෝකථණය කිරීම සදහා කිසිදු විධිමත් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදු නොවන නමුත්, මෙලෙස අවිධිමත් ලෙස ලැබෙන දත්ත විමර්ෂණය කිරීමේදී, මේවන විට අසාධිතයින්ගෙන් 25%ක් පමණ ඔමික්‍රෝන් විය හැකි බවටත්, රටට ඇතුළුවීම පවා පාළණය නොකරන තත්වය හමුවේ පෙබරවාරී මාසය වන විට එය 50% ඉක්මවා යා හැකි බව අනුමාන කල හැක.

omic

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles