Wednesday, September 25, 2024

පොදු ප්‍රවාහනයේදී පෙර ගෙවුම් කාඩ්පත හදුන්වාදීමේ නියමු වැඩසටහනක් 24 වෙනිදා

පොදු ප්‍රවාහනයේදී මුදල් නෝට්ටු සහ කාසි භාවිතය අවම කිරීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත කාඩ්පත් ගෙවීම් ක්‍රමවේදය සහ QR කේත භාවිතයෙන් ගෙවීම් සිදුකිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ලබන 24 වැනිදා ආරම්භ කරන බව පෞද්ගලික බස් හිමියන් සංගමය පවසනවා.

ඒ අනුව දෙහිවල සහ බත්තරමුල්ල අතර මාර්ග අංක 163 බස් මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා.

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජෙරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"දිලුම් අමුණුගම අමාත්‍යවරයාට අපි පෙන්වලා දුන්නා මේ ක්‍රමවේදය. මේ තාක්ෂණය දියුණු කරන්න කිව්.ආර් කොඩ් එකකින් බස් රථ වල ගමන් කරන්නත් සලස්වනවා. තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහා කාඩ් පතක් රහිතව දැනට තිබෙන අලුත්ම ක්‍රමවේදය මත ගමන් කරන්නත් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා.

24 වැනිදා මේ සඳහා වන නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනවා. මාර්ග අංක 163 බස් මාර්ගයේ බස් රථ මේ සඳහා තෝරාගෙන තියෙනවා. ඒ මාර්ගයේ එක් බස් රථයක් උදෑසන කාර්යාල වේලාවේ දී සහ සවස කාර්යාල වේලාවේදී ගමන් වාර දෙකකදී ආසන ගණනට මගීන් ප්‍රමාණයක් ගෙනියන්න දැනට සැලසුම් කරලා තියෙනවා.

මේ සඳහා තවමත් බලධාරීන්ගේ අනුමැතිය ලබාදීලා නෑ. අපි බලාගෙන ඉන්නාවා ඒ අවශ්‍ය කාරණා කටයුතු රජය පාර්ශ්වයෙන් සිදුකරයි කියලා. මෙතන තිබෙන ගැටලුව තමයි බලධාරීන්ගේ පාර්ශ්වය මේ සම්බන්ධයෙන් මන්දගාමීව ක්‍රියා කිරිම. මෙය අපේ කර්මාන්තයට බරපතල ප්‍රශ්නයක්. මොකද මේ තුළ තමයි අපේ කර්මාන්තය ඉදිරියට රැදිලා තියෙන්නේ.

සංගමයක් ලෙස කාඩ්පත් මගින් මුදල් ගෙවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. නමුත් මෙය ක්‍රියාත්මක කරන්න රජයේ ක්‍රියාකලාපය අත්‍යාවශයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles