ශ්‍රී ලංකාවේ අර්බුදය මෙරට දේශපාලනයේ දිශානතිය තීරණය කරන බව ගම්මන්පිල කියයි

0
274

මාර්තු මාසය වනවිට ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන අර්බුද පහක් ඇතිවීමට නියමිත බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා.

තමන් මේ වනවිට ආණ්ඩුව සමඟ අභ්‍යන්තරව සාකච්ඡා කරමින් සිටින බැවින් විවෘතව කතා නොකරන බව ඔහු ප්‍රකාශ කළේය. අභ්‍යන්තර සාකච්ඡාවෙන් පසුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතතොත් පමණක් විවෘතව කතා කිරීමට සූදානම් බව ඔහු තව දුරටත් පැවසීය.

අපිට තවමත් විශාල අර්බුදයක් නොමැති බවත්, මාර්තු මාසය වන විට එය උපරිමයට පැමිණෙනු ඇති බවත්, එය රටේ දේශපාලනයේ දිශානතිය තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here