මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.6% ලෙස පුරෝකථනය කරයි

0
294

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ ලෝක ආර්ථික වාතාවරණය සහ ප්‍රවණතා පිළිබඳ වාර්තාවක් සකස් කර ඇති අතර මෙරට දලදේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 2.6 ක වර්ධනයක් අත්කරගනු ඇති බවට එමගින් පුරෝකථනය කරයි

ගෝලීය කොරෝනා වසංගතය, අස්ථාවර ශ්‍රම වෙළඳපොල, සැපයුම් දාමයේ අභියෝග සහ උද්ධමනය ඉහළ යාමේ පීඩනය ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට ප්‍රධාන හේතු ලෙස ඔවුන් දක්වයි.

එම වාර්තාව පෙන්වා දෙන පරිදි ආහාර හිඟය, විදේශ සංචිතය හීනවීම සහ ස්වෛරීත්ව ණය අවදානම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රධාන අභියෝග වේ

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පොලී අනුපාත ඉහළ නැංවීමද මෙරට උද්ධමනය ඉහළ යාමට හේතුවී තිබෙන අතර මහබැංකු විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ පූර්ව ඇගයීමක් සිදුකළ යුතු බවට එම සංවිධානය පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එහි විශේෂ ඇගයීමකට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here