Wednesday, September 25, 2024

නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියාවෙන් පිහිටුවහල් කෙරේ

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ඔිස්ට්‍රෙිලියාවෙන් පිටුවහල් කර තිබෙනවා.

මෙල්බර්න් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවූ බවයි එරට වාර්තා සඳහන් කළේ.

වීසා අයදුම්පත්‍රයට අසත්‍ය තොරතුරු දීමේ චෝදනාව යටතේ තම වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගොණු කල අභියාචනය ඉවත දැමීමට ඔස්ට්‍රෙිලියානු ෆෙඩරල් අධිකරණයක් අද දහවල් නියෝග කළා.

ඒ අනුව අධිකරණ නියෝගයට ගරු කරමින් තමන් ඔස්ට්‍රෙිලියාවෙන් පිටවන බවයි ජොකොවිච් කියාසිටියේ.

නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය පළමුවෙන් ප්‍රතික්ෂේප කෙරුණේ පසුගිය 06 වනදායි.

ඒ අනුව හෙට ආරම්භ වන ඔස්ට්‍රෙිලියා විවෘත ටෙනිස් තරගාවලියට ඔහු සහභාගී නොවන අතර රටින් බැහැරවීමෙන් පසු නැවත වසර 03 ක් යනතුරු ඔස්ට්‍රෙිලියාවට පැමිණීමට අවසර හිමිවන්නේද නැහැ.

ඒ එන්නත්කරණයෙන් තොරව රටට පැමිණීම හේතුවෙන්. කෙසේවෙතත් එම නියෝගය අධිකරණය විසින් පසුව අවලංගු කරනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles