Tuesday, September 24, 2024

දෙරණෙ අධ්‍යක්ෂිකා දෙරණෙ ප්‍රවෘත්ති බලන්නෙ නෑලු. ප්‍රවෘත්ති බලද්දී කළකිරෙනවලු

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති බලන විට තමන්ට කළකිරීමක් ඇති වන බවත් එනිසා තමන් රාත්‍රියට නිදා ගැනීම සන්තෝෂයෙන් සිදුකිරීමට වුවමනා නිසා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නොබලන බව එම මාධ්‍ය ජාලය අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මිය සඳහන් කරයි.

කොළඹ දී පැවැති කෘතියක් එළි දැක්වීමේ උළෙලක් අමතමින් ඇය මේ අදහස් පළ කළාය.

කවර හෝ හේතුවක් මත රට පිළිබඳව වැරදි අදහසක් සමාජයට ලබා දීමට තමන් අකමැති බවත් තමන් රටට ආදරේ බවත් ඇය පැවසීය.

දෙරණ නිව්ස් බලන මිනිස්සුන්ගේ හිත්වල මැවෙන්නේ Negative picture එකක් බවද ඇය මෙහිදී පැවසීහ.

පසුගිය යුද සමයේදී ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම ජනතාව අතරට ගෙන යමින් ජනතාවට ධෛර්යය දෙමින් මේ රට දිනන රටක් බවට ජනහදවත් ගෙනයාමට කටයුතු කළ බවත් ඇය පැවසුවාය.

නමුත් ඒ අවස්ථාවේ සමාජ යථාර්ථය ලෙස සෑම ගමකම සිදුවන මරණ වලදී හඬාවැටෙන අම්මලා පෙන්නුවේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඇය එහිදී තව දුරටත් කියා සිටියාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles