ලෝක විවාහක රූ රැජිණ තරගාවලියෙන් ලංකාව නියෝජනය කළ පුෂ්පිකාට 04 වන තැන

0
274

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා එම තරගයෙන් සිව් වන ස්ථානය දිනාගෙන තිබෙනවා.

2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේදී ඊයේ පැවැති අතර එහි පළමු ස්ථානය දිනා ගැනීමට ඇමරිකාවේ ශයිලින් ෆෝඩ් සමත් වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

රූ රැජිණ තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය කරමින් තරඟකාරියන් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here