නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය අද ඇරඹෙි

0
264

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ පෙරවරු 10 ටයි.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ මෙවර සභාවාරය ආරම්භයේදී ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරනු ලබන උත්තමාචාරය සිදු නොවන බවය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙලෙස ඉදිරිපත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට ලැබී ඇති බලතල අනුවයි.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව සභාව හෙට දිනය දක්වා කල් තැබීම සිදුවනවා.වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සමාරම්භක උත්සව කටයුතු සංවිධානය වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here