එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට ප්‍රහාර දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රහාර ඩ්‍රෝන යානා මඟින් සිදුකර ඇති බවයි අබුඩාබි ආරක්ෂක අංශ පවසන්නේ.
එල්ල වූ ප්‍රහාරවලින් 3 දෙනෙකු මිය ගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මිය ගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා පාකිස්තාන ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේ ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට සැක කරන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ප්‍රහාරයන් හේතුවෙන් අබුඩාබි අගනුවර පිහිටි මුසාෆා ප්‍රදේශයේ පිහිටි ඉන්ධන බවුසර් තුනකට හානි සිදුවීමෙන් ගිනි ගැනීම් වාර්තා වී ඇති බවයි. එමෙන්ම එරට ප්‍රධාන ගුවන් තොටුපොළ අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක ද ගිනි ගැනීමක් හටහගෙන ඇති බව සඳහන් වෙි.
යේමනයේ හවුති කැරලිකරුවන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බවයි.