ශිෂ්‍යත්ව උපකාරක පන්ති සහ දේශන සම්මන්ත්‍රණ අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

0
313

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති සහ දේශණ මෙන්ම සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.

ශිෂ්‍යත්ව විභාගය එලැඹෙන ජනවාරි මස 22 දින පැවැත්වෙන බැවින් අද මධ්‍යම රාත්‍රිෙය් සිට එම විභාගය අවසන් වනතුරු උපකාර පන්ති පැවැත්වීම ඇතුලු සියලු ක්‍රියාකාරකම් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහරින ලෙස පවසා පෝස්ටර්. බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වන අතර එවැනි දැන්වීම් ළග තබාගැනීමද තහනම් බවයි විභාග කොමසාරිස් දැනුම් දුන්නේ.

එම නියෝග‌ නොසලකා කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

2021 වර්ෂයට අදාළ 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වැනිදා පැවත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here