Monday, November 18, 2024

එනවැයි කිව්ව තෙල් නැව නොඑන ලකුණු

ජනවාරි 25-26 දිනවල මෙරට ළඟාවීමට නියමිත තෙල් නැව මේ වන විට අදාල ස්ථානයෙන් පිට වීමට වත් සූදානම් කර නැතැයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

ඉදිරියේදී දැවැන්ත ප්‍රශ්න රාශියක් උදා වීමට නියමිතව ඇති බවත් මෙය සඟවා කතා කළ යුතු තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියා සිටී.

බොරතෙල් ගෙන්වීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති බවත් සියලූ බලධාරීන් තමන් තමන්ට කළ හැකි උපරිම කැපකිරීම් කරමින් මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

තවදුරටත් එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ජනවාරි 25-26 දිනවල දී මෙරටට ළඟාවීමට නියමිත තෙල් නැව් මේ වනවිට අදාල රටවලින් පිටත්වීම සඳහා සූදානම්ව තිබිය යුතු බවයි. නමුත් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය හේතුවෙන් එම නැව් පැමිණීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බව ද බලධාරීන් කෙසේ හෝ තෙල් ගෙන්වාගැනීමට කටයුතු කළ යුතුබව ද සභාපතිවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles