DIG ලා 18 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු..

0
371

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් දහඅට දෙනෙකු පසුගියදා නියෝජ්‍ය පොලිස්‌පති තනතුරට උසස්‌ කෙරුණා. එම උසස්‌වීම් සමඟ, නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් දහඅට දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇති බව වාර්තා වෙනවා. පොලිස්‌ කොමිසමේ අනුමැතිය සඳහා, පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් සකස්‌ කළ මෙම නව ස්‌ථාන මාරුවීම් යැවෙනු ඇති.

මාරුකර යෑවූ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් පහතින් ඇත:

* එල්. එස්‌. ඒ. ආර්. ඡේ. සිල්වා ජනාධිපති ආරක්‌ෂක අංශයට, කේ. ඊ.ආර්.එල්. ප්‍රනාන්දු විශේෂ ආරක්‌ෂක දිසාව, අජන්ත සමරකෝන් කුරුණෑගල දිසාව, ජී.කේ. පෙරේරා කළුතර දිසාව, මර්වින් වික්‍රමසිංහ ප්‍රවාහන හා සංදේශ දිසාව, ජී. එස්‌. වල්ගම පොලිස්‌ ක්‍ෂේත්‍ර බලකා මූලස්‌ථානය, ප්‍රියන්ත ජයකොඩි අපරාධ හා අපරාධ බුද්ධි තොරතුරු දිසාව, අජිත් රෝහණ නීති විනය හා කල්ක්‍රියා කොට්‌ඨාසය.

* බස්‌නාහිර දකුණු පළාත භාරව වසන්ත වික්‍රමසිංහ, උතුරු මැද දිසාව භාරව සෙනරත් සඳුන්ගහවත්ත, පුත්තලම දිසාව භාරව චම්පික සිරිවර්ධන, ත්‍රිකුණාමලය දිසාව භාරව එන්. ජී. ඕ. පෙරේරා, කිලිනොච්චිය දිසාව භාරව ආර්. එම්. වැලිකන්න, පොලිස්‌ මූලස්‌ථාන දිසාව භාරව ආර්. එල්. රණවීර, පොලිස්‌ දුක්‌ ගැනවිලි දිසාව භාරව කේ. බී. මහගෙදර, අම්පාර දිසාව භාරව එම්. බී. ඇල්ලෙපොළ, පොලිස්‌ පුද්ගලික සහකාර ඩී. ගජසිංහ, පොලිස්‌ රථවාහන මූලස්‌ථාන දිසාව භාරව පාලිත යන ප්‍රනාන්දු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here