නව ජනාධිපති ලේකම් අද වැඩ අරඹයි

0
304

නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා අද රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේයි කටයුතු කරනු ලැබුවේ.

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

මාතර රාහුල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයන්හි කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ගාමිණී සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ගාමිණී සෙනරත් මහතා ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here