Saturday, September 21, 2024

බදු සහන ලැබෙන භාණ්ඩ අද ප්‍රකාශ කෙරේ..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ ජීවන මිල පාලන කමිටුව අත්‍යවශ්‍ය භාණ්‌ඩ10 සඳහා නිශ්චිත මිලක්‌ නියම කිරීමට තීරණය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස, බදු සහන ලබාදීම යටතේ නිශ්චිත ලෙස මිල නියම කෙරෙන අත්‍යවශ්‍ය භාණ්‌ඩ 10 මොනවාදැයි යන්න රජය අද ප්‍රකාශයට පත් කරනවා.

කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය විසින් මෙම භාණ්‌ඩ හා ඊට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා මෙම මිල පාලන කමිටුවේ සභාපති ධුරය දරණ අතර, රවි කරුණානායක, රිෂාඩ් බදියුදීන්, P. හැරිසන් යන ඇමැතිවරුන්ගෙන් සමන්විත වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles