ඉන්ධන නොමැති වීමෙන් කැලණිතිස්ස බලාගාරය හා ජී.ටී 7 තාප බලාගාරය අක්‍රීය වෙයි

0
262

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය (මෙ.වො.165) හා ජී.ටී 7 තාප බලාගාරය (මෙ.වො.115) ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව අද දිනයේදීද ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදුවක් සිදුවීමට ඉඩ තිබේ.

මෙි අතර ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර වල විදුලි ජනනය ඊයේ පස්වරුවේ සිට නතර කර තිබේ.

සපුගස්කන්ද බලාගාරය දැවි තෙල් භාවිතයෙන් සහ කැළණිතිස්ස බලාගාරය ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කරයි.

මෙම බලාගාර දෙක ක්‍රියා විරහිත වීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් සීයකට වැඩි ධාරිතාවක් අහිමි වී ඇත.

මෙම ප්‍රමාණය අඩුවීම හේතුවෙන් දෛනික විදුලි සැපයුම් නිසි ලෙස ලබාදීමට නොහැකි වී තිබෙන අතර වරින් වර ඇතැම් ප්‍රදේශ වල විදුලි කප්පාදු සිදුවීමට හැකි බව විදුලිබල මණ්ඩල සේවකයන් කියා සිටිති.

කෙසේ වෙතත් කෙල් සංස්ථාව නැවතත් තෙල් තොග ලබා දීමට එකඟතාවය පළ වී ඇති අතර ඒවා ලැබුණු වහාම මෙම බලාගාර යළි පණ ගැන්වීමට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here