Thursday, November 28, 2024

කැලණියේ නව විදුලි උප පොළක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

කැලණිය හා පෑලියගොඩ ප්‍රදේශයේ විදුලි සම්ප්‍රේෂණය සදහා නව උප පොළක් ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම ප්‍රදේශයේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීම එහි අරමුණයි.

ඒ සදහා කැලණිය ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුදුන් ඇළ සංවර්ධන ව්‍යාප්‍ර්තිය සඳහා අත් කරගත් ඉඩමෙන් රූඩ් 02 පර්චස් 26.5ක කොටසක් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත ලංකා විදුලිබල මණ්ඩලයට පැවරීම සිදු කෙරෙනු ඇති.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

Sitha News 24

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles