කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධවිද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් උත්සවාකාරයෙන් ඊයේ (19) රත්මලානේදී විවෘත කරන ලද අතර විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ දෙවන අදියර විවෘත කිරීම ද එහිදී සිදු විය.
අලුතින් පිහිටුවන ලද පීඨය 11 වන පීඨය වන අතර,මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වෙමින් තිබේ.
මෙම අවස්ථාවට උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.