පාකිස්තානයේත් ගොවි උද්ඝෝෂණ

0
565

පාකිස්තානයේ ප්‍රදේශ ගණනාවක ගොවීන් ගැටලු ගණනාවක් මුල් කරගෙන විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ.

වගාවට යෙදීමට අවශ්‍ය පොහොර නොමැතිකම මෙන්ම ජල හිගය සහ ගොවීන් පීඩාවට පත් කරන නීති සම්බන්ධයෙන් ද මෙහිදී විරෝධය පළ වී තිබේ.

පොහොර හිගය මේ අතරින් බරපතලම ගැටලුව බවත් යූරියා නොමැතිකමෙන් වගා බිම් විනාශ වී ඇති බවත් ගොවීහු මෙහිදී අවධාරණය කළහ.

බොහොන්ග්, රහීමාබාද් , නවසාබාද් වැනි ප්‍රදේශවල ගොවි ජනතාව මෙම විරෝධතා ව්‍යාපාරවලට එක්ව සිටි බව එරට වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here