සාමාන්‍යාධිකාරී එළවන්න විදුලි ඉංජිනේරුවෝ අදත් අකුරට වැඩ

0
321

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීමට බලකරමින් ලංකා විදුළිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේදීත් ක්‍රියාත්මකයි.

කෙසේ නමුත් ජනතාව මුහුණ දෙන පීඩාවන් හමුවේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පළමු අධියර පමණක් ක්‍රියාත්මක කිරීමටයි විදුලි ඉංජිනේරු සංගමය තීරණය කර ඇත්තේ.

මේ අතර වර්තමාන සාමාන්‍යාධිකාරිවරයා පත්කිරීම කිරීම සහ නිසි පරිදි සාමාන්‍යාධිකාරිවරයා පත්කිරිම සම්බන්ධයෙන් ඊයේ නීතිපතිවරයා විසින් විදුළිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් මාලාවක් ලබා දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත ජයනාත් දයාරත්න මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here