Monday, September 23, 2024

කොරෝනා රට පුරා පැතිරිලා . දැන් ජෛව බුබුළු අවශ්‍ය නෑ

කොරෝනා වෛරස මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින නිසා සංචාරකයන් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ජනතාව හා සංචාරකයන් යන සියලු දෙනා එක්ව තමන් ආරක්ෂා වෙමින් අනුන් ද ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

එසේම සංචාරකයන් සඳහා අනුගමනය කරන සෞඛ්‍යය මාර්ගෝපදේශ හේතුවෙන් ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles