පාසල් සිසුන් අතර සීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්තියක්.පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව අඩු කරන්නැයි PHI සංගමය ඉල්ලයි

0
278

පාසල් සිසුන් අතර සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදනය වෙමින් ඇති බවත් මේ තත්ත්වය තුළ පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව සීමා කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ බලධාරීන් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර ඒ අනුව පියවර ගත යුතු බවයි.

“දැනට, COVID-19 පාසල් සිසුන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එය දිගටම සිදුවුවහොත් අධ්‍යාපන පද්ධතිය අනතුරේ විය හැකිය,” ඔහු අනතුරු ඇඟවීය.

“රට පුරා ඇති පන්තිකාමරවල තිබෙන්නෙ සීමිත ධාරිතාවක්. මීට අමතරව, බොහෝ පන්ති කාමර කුඩා වාතාශ්‍රය රහිත වැසුණු ඒවා. අපි කවුරුත් දන්නා පරිදි, COIVD සංවෘත පරිසරයක් තුළ වේගයෙන් ව්‍යාප්ත වෙනවා.

මේ අනුව, ධාරිතාව සීමා සහිත පන්තිකාමර තුළ ශාරීරිකව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට දරුවන්ට අපහසු වන බව ඔහු පැවසීය.

“ඒ අනුව, මෙය එක් සිසුවෙකු වෛරසයට ගොදුරු වූ විට පන්ති කාමරය කොවිඩ් පොකුරක් වෙනවා.“ .

තවද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළමුන් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වනවිට ආසාදිත වෙලා.

“මෙම තත්ත්වය පාසල් වැසීමට තුඩු දීමට හේතු වන පරිදි උග්‍ර වීමට පෙර එය මුලින්ම පාලනය කරගැනීම වැදගත්,” ඔහු අවධාරණය කළේය.

එබැවින් සීමිත සිසුන් සංඛ්‍යාවක් පාසල්වලට කැඳවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා,” ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here