Tuesday, September 24, 2024

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් පන්නා දැමිය යුතුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිවිටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ කළ ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇහුම්කන් නොදුන් බවත් එම ඉල්ලීම නිසා තමා පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවත් කුමාරතුංග මහත්මිය කීවාය.

තමා අවුරුදු දෙකක් තිස්සේ පැවසූ දේ දැන් මෛත්‍රීපාල සිරිසේන කියාගෙන යන්නේ යැයිද හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.

යුද්ධයක් පැවති කාලයක පවා රටේ ආර්ථිකය තමා නිවැරදිව සකස් කළ බව පැවසූ කුමාරතුංග මහත්මිය අද රට යන දිහා බැලුවම අඬන්නද හිනාවෙන්නද කියා සිතාගත නොහැකි බවද සඳහන් කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles