Wednesday, November 27, 2024

ලංකාව අද හිඟන්නෙක්. හිඟන්නන්ට උණු බත් ලැබෙන්නෙ නෑ – මහ බැංකුවෙි හිටපු නියෝජ්‍ය අධිපති

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ හිඟන්නෙකුගේ තත්ත්වයට වැටී බවත් එම තත්ත්වය සියලු දෙනා තේරුම් ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඩී විජේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මේ යන ආකාරයට රට ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයට ලක් වනු ඇති බවයි.

ඉදිරි කාල සීමාෙව්දී ශ්‍රී ලංකාව ද ලෙබනනය, තුර්කිය වැනි රටවල තත්ත්වයට පත්වුණු ඇති බවද ඔහු කියා සිටී.

පුවත්පතක් වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ පවසා තිබේ.

‘අපි ඇත්තටම දැන් ඉදිරියට හිගන්නන්ගේ තත්වයේ. හිගන්නන්ට උණු බත් ලබාගන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ කාරණය අපි තේරුම්ගත යුතුයි. ඉදිරි මාස දොළහ ඇතුළත ජනතාව, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ සිට ඉතාමත්ම පහළ මට්ටමේ පුද්ගලයා දක්වා සියලුදෙනාම ඉතාමත්ම අසිරු හා අසීමිත කැප කිරිමක් සිදුකරන්න සූදානම් විය යුතුයි. එසේ නොකොලොත් සිදුවන්නේ උග්‍ර ආර්ථික ගැටලුවකට මුහුණාපාලා ලංකාව ලෙබනනය, තුර්කිය වගේ තත්වයකට පත්වීමයි. ඒ නිසා මහජනතාව මේ තත්වය අවබෝධ කරගන්න අවශයයි. ඒවගේම මහ බැංකුව වැනි ආයතන සුන්දර වචනවලින් තිබෙන තත්වය නගාසිටුවා ප්‍රකාශ කරනවා වෙනුවට,

සත්‍ය තත්වය රටේ ජනතාවට ප්‍රකාශ කරලා. ජනතාවගේ සහය මේ සදහා ලබා ගැනීමයි සිඳුකළ යුත්තේ. නමුත් අපිට පෙනී යන්නේ සෑම අවස්ථාවකම මහ බැංකුව වැනි ආයතන කරන්නේ මෙවැනි දෙයක් නෑ කියලා වචන කටිටලයකින් ජනතාව පිනවීමයි. ඇත්ත වශයෙන්ම රට ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්වෙලයි තිබෙන්නේ. 1971 වර්ෂයේ මෙවැනි තත්වයක් ලංකාවේ තිබුණා. ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා ජාතිය අමතලා ප්‍රකාශ කළා “අද අපි ඉන් ගිනිකන්දක් උඩ. එය ඕනෑම මොහොතක පුපුරා යන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා මේ ගිනි කන්දේ පිපිරීම වළක්වා ගන්න කටයුතු කර රට බේරා ගැනීමට කටයුතු කළ යුතුයි” යනුවෙන්. මම හිතන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය දේශපාලන අධිකාරිය විසින් ඉතාමත් නිර්ෂයව රටට ප්‍රකාශ කළ යුතුයි’

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles