“ජාතික බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතිය -2016” සමාරම්භය අද

0
392

ජූලිමස 01 දින සිට 10 වන දින දක්වා ප‍්‍රකාශයට පත්කර ඇති ”ජාතික බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතිය -2016” සමාරම්භය සනිටුහන් කිරීමේ නිල උත්සවය, ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

බාලදක්ෂයින්ගේ ශ‍්‍රමාභිමාණී හැගීම් ඉහළ නැංවීම මෙන්ම ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඇති කිරීමට හේතු වන වාර්ෂික වැඩසටහනක් ලෙස ජාතික බාලදක්ෂ සේවා හා සම්බන්ධතා සතිය හඳුන්වා දී තිබේ.

බාලදක්ෂයින්ගේ පුහුණු හා කුසලතා වර්ධන කඳවුරු, ප‍්‍රජා සේවා ව්‍යාපෘති ආදී විවිධ වැඩසටහන් සඳහා අවශ්‍ය කරන අරමුදල් සපයා ගනු ලබන්නේ, ප‍්‍රජාව වෙත සේවා සපයා අරමුදල් උපයාගන්නා මෙම සතිය ඇසුරිනිි.

ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප‍්‍රදානය කළ අතර ජනාධිපතිතුමා විසින් බාලදක්ෂයින්ට ජයග‍්‍රාහී අනාගතයකට සුබ පැතුම් ද එක් කළේය.

මේ අවස්ථාවට නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස් ශිරස් සාලි මහතා ඇතුළු බාල දක්ෂ සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here