ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනයට මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 16ක් ලබා දෙයි

0
363

ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 16.3 ක් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම ඩොලර් මිලියන 16.3 න් ඩොලර් මිලියන 11 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ද, ඩොලර් මිලියන 5.3 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ද, මුදාහැර ඇති බවත් රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩනොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපපක්‍ෂ මහතා දුන් උපදෙස් අනුව මෙසේ ඩොලර් මුදාහැර ඇත.
රට තුළ මේ වන විට ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවට සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙක් චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here