Sunday, November 17, 2024

විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න විදුලි පහන් හා විදුලි උපකරණ නිවා දැමීමේ යෝජනාවක් කැබිනෙට්ටුවට

පරිභෝජනය අඩු කිරීමේ යෝජනාවක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ගාමිණී ලොකුගේ මහතා පැවසීය. මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට සහ කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීමට සැලසුම් සකස් කිරීමට නියමිතය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද, හෙට සහ අනිද්දා දිනයන්වලදී විදුලිය විසන්ධි කිරීමට බලාපොරොත්තු නොවන බවය.

“පළාත් සභාවල වීදී ලාම්පු සැලැස්මකට දාලා නෑ. එකින් එක විසන්ධි කරන්න වෙනවා. සැලැස්මකට දාපුවා.. හයිවේවල, ප්‍රධාන පාරවල්වල ඒවා අපිට පාලනයක් කරන්න පුළුවන්. ඒවා ගැන යෝජනාවක් කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී.”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 600ක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත භාරදී තිබේ. සපුගස්කන්ද බලාගාරයට සැපයූ ඉන්ධන තෙල් තොග අද (22) දහවල් වන විට අවසන් වීමට නියමිතව තිබුණි.

මේ අතර අද, හෙට සහ අනිද්දා විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ද ප්‍රකාශ කළා.

මේ අතර මාර්තු මාසය වනවිට පැය 04ක විදුලිය කැපීමේ අවදානමක් පවතින බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දැක්වීය.

“මම දන්නේ නෑ ගම්මන්පිල මහත්තයා කොහොම ගණන් හැදුවද කියලා. ගම්මන්පිල මහත්තයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වාර්ෂික ඇනවුම අනුව තෙල් ලබාගැනීම.”

සපුගස්කන්ද බලාගාරයට ලබාදී තිබු දැවිතෙල් තොග අද (22) දහවල් වනවිට අවසන්වීමට නියමිතව තිබුණි.

එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රියේ තවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 600ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට පියවර ගත්තේය.

ඒ අනුව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද, හෙට සහ අනිද්දා දින තුනේදී විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවය.

විදුලිය භාවිතය අවම කිරීම සඳහා යෝජනාවලියක් මීලඟ කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අද සහ හෙට දෙදින විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා අතර මහාමාර්ග වල ඇති විදුලි පහන් නිවා දැමීමටත් කාර්යාලවල භාවිතා කරන විදුලි උපකරණ ඉවත් කිරීමටත් යෝජනා වී ඇති බව ලොකුගේ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles