කෝවිඩ් අරමුදල්වලින් මිලියන 1388 ක ගසාකෑමක්

0
666

පකිස්තානයේ කෝවිඩ් අරමුදල්වලින් එරට රැපියල් මිලියන 1388 ක මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව හෙළිවී තිබේ.

ද නිවුස් ඉන්ටර්නැෂනල් පුවත්පත වාර්තා කරන්නේ, කයිබර්පක්තුන්ක්වා පළාතේ කෝවිඩ් රෝගය පාලනයට අදාළ ව්‍යාපෘතිවලදී මෙම මූල්‍ය වංචා සිදුව ඇති බවයි.

පකිස්තාන විගණකාධිපතිවරයා සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇති ආකාරයට මෙහිදී බහුලව සිදුව ඇත්තේ නොසැළකිළිමත් වියදම්, දුර්වල මූල්‍ය පාලනය මෙන්ම අක්‍රමවත් ගෙවීම් ආදියයි.

අක්‍රමිකතා නිවැරැදි කිරීමට අවස්ථාව ලබාදීමටත් නැහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව පකිස්තාන විගණකාධිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here