තෙල් පිරිපහදුව ලබන 27 වැනිදා යළි විවෘත කිරීමට නොහැකි වුවහොත් ලංවිමට තෙල් එනනං තවත් සති දෙකක් බලං ඉන්න වෙයි

0
300

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 27 වැනිදා යළි විවෘත කිරීමට නොහැකි වුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සඳහා තවත් සති දෙකක් බලා සිටීමට සිදුවනු ඇත. විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පරිදි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ අවශ්‍ය ඉන්ධන සංචිත ආනයනය කිරීමට දැනටමත් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඉන්ධන හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය ඊයේ පස්වරුවේ වසා දැමුණා. බලාගාරය වසා දැමීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 108ක පාඩුවක් සිදුව තිබේ. අඟහරුවාදා වන විට ඉන්ධන ලබා නොදුනහොත් විදුලිය විසන්ධි වීමට ඉඩ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදු නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here