Port City යේ ලබා ගන්නා ඡායාරූපවලට ගාස්තුවක් අයකරන කතාව බොරුලු

0
268

කොළඹ වරාය නගරයේ මැරීනා කලාපය පසුගිය 09 වැනිදා මහජනතාව වෙත විවෘත වීමත් සමඟ එය නැරඹීමට මහජනතාව මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙනවා.

මේ සමඟ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තුවක් ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පැතිර ගියා.

කෙසේ වෙතත් කොළඹ වරාය නගරය පවසන්නේ, කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ ලබාගන්නා සෙල්ෆි ඡායාරූප සඳහා ගාස්තු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා මුළුමනින් ම අසත්‍ය බවයි.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් කොළඹ වරාය නගර නිල ට්විටර් ගිණුමට එක්කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here