කොවිඩ් අවදානම යළි ඉහළට

0
289

කොවිඩ් අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රෝහල් වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් හඳුනාගැනීමද වර්ධනය වෙමින් තිබෙන බව පෙන්වා දුන්නාය.

මේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් සෞඛ්‍ය නීති පිළිපැදීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 40 දෙනකු පමණ මේ වනවිට වාර්තා වී ඇතැයි ද එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here