Thursday, September 19, 2024

ලොව දීර්ඝතම ගොඩබිම් දේශසීමාව අවභාවිතා කරන බවට චීනයට චෝදනා

මොංගෝලියාව සමග වන ලොව දීර්ඝතම ගොඩබිම් දේශසීමාවේ කටයුතු අනිසි ලෙස පාලනය කරමින් එහි ප්‍රවාහන සහ සැපයුම් පද්ධති අඩපණ කිරීම සදහා කටයුතු කරන බවට චීනයට චෝදනාවක් එල්ල වී තිබේ.

සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වටවූ රටක් වන මෝංගෝලියාව චීනය සමග කිලෝමීටර් 4630 ක දේශසීමාවක් බෙදාගන්නා අතර එය ලොව දීර්ඝතම ගොඩබිම් දේශසීමාවයි.

හොංකොං පෝස්ට් වෙත අදහස් දැක්වූ භූදේශපාලනික විශ්ලේෂකයන් පිරිසක් සදහන් කර ඇත්තේ චීනය මෝංගෝලියාවේ ආනයන අපනයන පාලනය කිරීම සදහා මෙම දේශසීමාව හරහා සිදුකරන ප්‍රවාහන සහ වෙළෙද ක‍ටයුතු සදහා විවිධ නිල නොවන බාධා කිරීම් සිදු කරන බවයි.

පසුගිය නොවැම්බර් මාසයේදී මොංගෝලියානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඉන්දියාවේ සංචාරය කර ඇති අතර ඉන් අනතුරැව මෙම බාධා කිරීම් ඉහළ ගොස් ඇතැයිද එම විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles