“මාව සිරගත කරන්න තරම් කරුණු නෑ. ඒක බොරුවක්. කිසිසේත්ම සාක්ෂි සහ කරුණු නෑ.”

0
305

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමාව සිරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු හෝ සාක්ෂි නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ව සිරගත කරන බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවය.

“මාව සිරගත කරන්න තරම් කරුණු නෑ. ඒක බොරුවක්. කිසිසේත්ම සාක්ෂි සහ කරුණු නෑ.”

“ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අදහස් දක්වන්න ඕනේ ජනාධිපතිවරයා. මම කාලය අඩු කරගත්ත කෙනෙක් නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ කියන්නේ එයාගෙ මතය නේ. එයාට මොකක් හරි ඔළුවේ අසනීපයක් ඇති.”

“අපි අනුන්ගෙන් කන ජාතියක් බවට පත්වීම හරිම කනගාටුයි. ඒ නිසා අපි අපේ ආහාර ටික හදාගන්න තැනට පත්වෙන්න ඕනේ.”

“කරන්ට් එනවා යනවා. කරුවල වෙනවා ආයේ එළිය වැටෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here