“බලාපොරොත්තු අත්හැර නොගනිමු ! ගොඩ එමු – ගොඩ නගමු” – 43 සේනාංකයේ මංගල සමුළුව ශ්‍රී ජයවර්ධනපුරදී මුළුගැන්වෙයි

0
354

“බලාපොරොත්තු අත්හැර නොගනිමු – ගොඩ එමු – ගොඩ නගමු” යන තේමාව යටතේ 43 සේනාංකයේ ජාතික මහා සමුළුව එහි නායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් උත්සව ශාලාවේ දී පැවැත්විණි.

ගොඩනගමු යන තේමාව යටතේ හඳුන්වාදිම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය මහතා විසින්ද ගොඩඑමු යන තේමාව යටතේ වැඩපිළිවෙල හඳුන්වාදිම පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්ද සිදු කරනු ලැබූහ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මෙන් ම සමගි ජන බලවේගයේ ද ප්‍රබල පිරිසක් එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් වීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය, සාගල රත්නායක, සමගි ජනබලවේගයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, හිටපු අමාත්‍යවරුන් වන සමගි ජලබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන තලතා අතුකෝරල, කබීර් හෂීම්, මනෝ ගනේෂන් හා හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

හිටපු කතානායක කරු ජයසුරිය මහතා සහ කුමාර වෙල්ගම මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here