Friday, September 20, 2024

පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කළ ලසන්ත වික්‍රමසිංහ එම ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් ඒ බව දැනුම්දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා විය. සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ, ඉතුක් 21 වනදා පත්කර තිබුණි.

ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

එම කාලය තුළ මිල්කෝ ආයතනය ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට ඔහුට හැකි විය.

කෙසේවෙතත් මිල්කෝ ආයතනයේ සභාපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඉකුත් 19 වනදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ මහතා එදිනම ප්‍රකාශ කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය.

ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා ඇමතීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කර තිබුණි.

පසුව ජනවාරි 20 වනදා මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත් කළ බව රජය නිවේදනය කළේය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි.

පාඩු ලබමින් පැවැති මිල්කො ආයතනය ලාභ ලබන තත්ත්වයට ගෙන ආ ලසන්ත වික්‍රමසිංහට මේ වන විටත් ජාතික ජාත්‍යන්තර ආයතන ගණනාවකින් විධායක ශ්‍රේණියේ තනතුරු භාර ගන්නා ලෙස ආරාධනා කළ ද ඔහු මෙතෙක් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. මේ වන විට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වන ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles