Friday, September 20, 2024

වී වගා කරන්න බැරි නං මුං වගා කරන්න

වාරි පහසුකම් මදිවීම හේතුවෙන් යල කන්නයේදී වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට එළැඹ ඇත.

ඒ අනුව වාරි පහසුකම් ප්‍රමාණවත් නොවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබාගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles