අද පැයක් විදුලිය කැපෙයි

0
304

අද (24 වැනිදා) සිට පැයක් සහ හෙට (25 වැනිදා) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පැවසුවේය.

දැවිතෙල් රැගත් කිසිදු නැවක් මෙරටට නොපැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බව ඔහු කියා සිටියේය.

විදුලි කප්පාදුව පිළිබඳව යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට අද දිනයේ (24 වැනිදා) ලබාදෙන බව ලේකම්වරයා පවසා සිටියේය.

ඔහු මේ පිළිබඳව කියා සිටියේ ඊයේ (23 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. මාර්තු මාසය අග වන විට විදුලි අර්බුදය වඩාත් දරුණු වනු ඇති බව මෙහිදී ඔහු පැවසීය.

එමෙන්ම බලාගාර කිහිපයකම දැවි තෙල් අවසන්වී ඇති බැවින් හෙට (25 වැනිදා) සිට විදුලිය කප්පාදුවක් සිදුකිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා පැවැසුවේය.

හදිසි බිඳවැටීමක් සිදුවුවහොත් අද (24 වැනිදා) දිනයේදී පැය භාගයක පමණ වේලාවක් විදුලිය කප්පාදු කිරීමක් සිදුකරන බව ඔහු ප්‍රකාශ කළේය. හෙතෙම පැවැසුවේ හෙට (25 වැනිදා) සිට විදුලිය කප්පාදුවීමක් සිදුවන්නේ විදුලි ඉල්ලුම වැඩියෙන්ම ලැබෙන කාලවකවානුවේ එනම් රාත්‍රී කාලයේ බවය.

විදුලිය විසන්ධි කරන වේලාව දැක්වෙන කාලසටහන අද (24 වැනිදා) මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට සූදානම් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here