120 හොරණ – කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

0
294

මාර්ග අංක 120 හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බුලත්සිංහල සිට හොරණ දක්වා නව බස් රථයක් ධාවනයට එක්කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා සියලූම බස් රථ සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බව ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here