Friday, November 8, 2024

ලංවිමට තෙල් සංස්ථාවෙන් තවත් සති දෙකකට තෙල් දෙයි

ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.

සංස්ථාව සතු ඉන්ධන තොග අනුව එම ඩීසල් හා දැවිතෙල් ප්‍රමාණය විදුලිබල මණඩලයට නිකුත් කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවැති සාකච්ඡාවේදී දැනුම් දී ඇත.

සංස්ථාවද බරපතළ ඩොලර් අර්බුදයකට ලක්ව තිබෙන නමුත් විදුලිය අර්බුදය කළමානාකරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් වුවද මෙම ඉන්ධන ප්‍රමාණය මණ්ඩලයට ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කර ඇත.

එම සති දෙකෙන් පසු මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලින් ගෙන්වා ගැනීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මණ්ඩලයට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලිය කප්පාදුවක් නොකර පවත්වාගෙන යා හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් අද (25) සිට දිවා කාලයේ පැයක් ද රාත්‍රී කාලයේ පැය එකහමාරක්ද වශයෙන් විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles