වී ගොවීන්ට වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය

0
307

මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ අනුව වී ගොවිතැනේ නියැලෙන ගොවීන් ලක්ෂ 11කට ආසන්න වී ගොවීන් වෙනුවෙන් මෙම වගා හානි ගෙවන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙවර මහ කන්නයේ ‌හෙක්ටයාර ලක්ෂ 8ම වගා කර ඇති බවද ඔහු පැවැසීය.

රසායනික පොහොර භාවිතයේ අඩුවීම හේතුවෙන් වී නිෂ්පාදනයේ අඩුවක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා පැවැසීය

මහ කන්නයේ වගා හානි සිදු වූ වී ගොවීන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 40,000 ක් වෙන් කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙි අනුව 2021/ 22 මහ කන්නයේ වී අස්වැන්න අඩු වීමක් සිදු වුවහොත් ඒ හේතුවෙන් බලපෑමට ලක්වන වී ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝවකට රුපියල් 25 බැගින් වන්දියක් ගෙවයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය දිනවලදී ප්‍රකාශ කළේ වගා හානි සඳහා වන්දි ලබා දෙන්නේ රජය මගින් හඳුන්වාදුන් කාබනික පොහොර වර්ග 4ම භාවිතා කළ ගොවීන් සඳහා පමණක් බවයි.

එමෙන්ම වී කිලෝග්‍රෑම් එකක් අද සිට රුපියල් 75.00 කට ගොවීන්ගෙන් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here