නෙදර්ලන්තයේ විශ්ව විද්‍යාලයක් චීනයෙන් සල්ලි අරන්.

0
392
A Chinese flag flutters in front of the Great Hall of the People in Beijing, China, May 27, 2019. REUTERS/Jason Lee

නෙදර්ලන්තය වියැව්වි විශ්ව විද්‍යාලයේ (VU University) අන්තර් සංස්කෘතික මානව හිමිකම් කේන්ද්‍රය විසින් චීනයෙන් අරමුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ඇම්ස්ටර්ඩෑම්හි එන්ඕඑස් ප්‍රජා ගුවන් විදුලිය පසුගියදා හෙළිකර තිබුණේ විවැව්හි විශ්ව විද්‍යාලය , චීනයේ චොන්ග්ගින්ගිහි දේශපාලන විද්‍යාව සහ නීතිය පිළිබද වයඹ දිග විශ්ව විද්‍යාලයෙන් 2018, 2019, වසරවලදී යුරෝ 250, 000 බැගිනුත් 2020 වසරේදී යුරෝ 300,000 ත් පර්යේෂණ සදහා ලබාගෙන ඇති බවයි.

චීනය විසින් යුරෝපයේ විශ්ව විද්‍යාල වෙත අරමුදල් ලබාදී තමන්ට අවශ්‍ය ආකාරයට පර්යේෂණ සිදුකරවා ගැනීමටත් දැනුම නිෂ්පාදනය කර ගැනීමටත් කටයුතු කරන බවට දිගු කලක සිට ‍චෝදනා නැගී තිබිණ.

මේ පිළිබද අදහස් දක්වමින් නෙදර්ලන්යේ අධ්‍යාපන අමාත්‍ය රොබර්ට් ඩෙයික්ග්‍රාෆ් සදහන් කර තිබුණේ පර්යේෂණවල නිරත වන අධ්‍යයන ආයතන සැමවිටම වෙනත් රටවල බලපෑම් පිළිබද සැලකිලිමත් විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here