Friday, November 15, 2024

දෛනික දුම්රිය ගමන් වාර 200ක් ඇනහිටී

දුම්රිය ගමන්වාර දෙසීයක් පමණ දෛනිකව අවලංගු කිරීම හේතුකොටගෙන දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය සේවාව තුළ මගීන් අපහසුතාවට පත් කරමින් වැඩ වර්ජන සිදු වුවද ඊට පිළියම් ලබා නොදීම හේතුවෙන් තවමත් ඇතැම් දුම්රිය ගමන් වාර අවලංගු කරමින් දුම්රිය මගීන් පමණක් නොව රජයද අපහසුතාවට පත්කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු පිරිස කටයුතු කිරීම හේතුවෙන් මගීන් නිතර අපහසුතාවන්ට පත්වෙන බව එම සංගමය පෙන්වා දෙයි.

මෙරට තුළ පෞද්ගලීකරණය විය යුතු බොහෝ දේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන පෞද්ගලීකරණය වුවහොත් එය රට කඩා වැටීමක් බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

ස්ථානාධිපතිවරුන් දවසක වැඩ වර්ජනයක් සිදුකළ විට දෙස් විදෙස් මගී ජනතාව විශාල වශයෙන් අපහසුතාවට පත්වෙන බවට පෙන්වා දුන් පාර්ශ්ව දෛනිකව අත්හිටුවන දුම්රිය ගමන්වාර තුළින් පත්වෙන අපහසුතාවන් පෙන්වාදීමට කිසිවකු ඉදිරිපත් නොවන්නේ ඇයිද යන්න ගැටලුවක් බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles