අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් කාලි මැණියන්ගෙන් යුක්තිය ඉල්ලා බිරිඳ සන්ධ්‍යා හිස මුඩු කරයි

0
320

මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ අතුරුදන් වී වසර 12 ක් ගතව ඇතත් තම සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු නොවූ බව පවසමින් ඔහුගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ කාලිමෑණියන්ගෙන් යුක්තිය ඉල්ලා සිටියා.

2010 වසරේ මුල භාගයේ දිනයක තම නිවසින් පිටව ගිය මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ එතැන් සිට අතුරුදන් වූ අතර ඔහු සොයා ගැනීමේ ව්‍යාර්ථයන් අසාර්ථක වුණා. කෙසේ වෙතත් මේ වන විට ඔහු අතුරුදන් වී වසර 12 ක කාලයක් ගෙවී ගොස් තිබෙනවා.

තම සැමියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මෝදර මුහුදු තීරයේ කාලි අම්මාන් කෝවිල අසලදී මෙලෙස හිස මුඩු කර ගැනීමට කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here