Sunday, September 22, 2024

දුම්බර හා දෙනුවර බස් ලයින් සමඟින් නුවර මඟී ප්‍රවාහනය අලුත් වෙයි

මහනුවර නගරය කේන්ද්‍රකරගනිමින් නව බස්රථ සේවාවක් හදුන්වාදීමට මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස දිගන-මහනුවර හා කඩුගන්නාව – මහනුවර යන මාර්ග දෙක හා ඒ සම්බන්ධ අතුරු මාර්ගද ඇතුළත් වනසේ මෙම නව බස්රථ සේවය   ජුනි මස  20වෙනි දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා පැවැසීය.

මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව මෙම නව බස්රථ සේවය හදුන්වා දී ඇති අතර නව ක්‍රමය තුළින් බස්රථ අතර තරගකාරිත්වයක් ඇති නොවේ. බස් රථවලින් ලැබෙන ආදායම ධාවනය කරන ලද දුර ප්‍රමාණය අනුව තීරණ වේ.

නව ක්‍රමවේදයත් සමඟ මෙම බස් රථ සදහා සී.සී. ටී.වි පද්ධතියක්,ජී,පී,එස්, තාක්ෂණය, දුරකථන හා ඉලෙක්ට්‍රෝනික් ටිකට් පත් නිකුත් කිරිමේ පහසුකම් හිමිවේ.

බස් රථ අධික්ෂණය කිරීම සදහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවරගෙන ඇති අතර මෙම නව වැඩ පිළිවෙල සදහා බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මේ වන විටත් පුහුණු කොට තිබේ.

මහනුවර දිගන බස් රථ සේවය දුම්බර බස් ලයින් ලෙසත් මහනුවර කඩුගන්නාව බස් රථ සේවය දෙනුවර බස් ලයින් ලෙසත් නම් කොට තිබේ. මෙම නියමු ව්‍යාපෘතිය සඳහා මෙම මාර්ග දෙකට අදාළ බස් රථ 355ක් නව බස් රථ සේවය සදහා සම්බන්ධ නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ බස් රථ අතර ඇතිවන අනවශ්‍ය තරඟය ඉවත් වීම, රාත්‍රි කාලයේ දී පවා නියමිත වේලාවට බස්රථ ධාවනය කිරීම,මාර්ග තදබදය අවම වීම, විශේෂයෙන් මාර්ග අනතුරු අවම වීම වැනි ප්‍රතිලාභ රැසක් මෙම නව සේවාවෙන් ජනතාවට හිමිවන බව අමත්‍යාවරයා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles