විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර පත් කෙරේ

0
459

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා මීට ටික වේලාවකට පෙර පත්කර තිබේ.ලංවිම සභාපති එම්.සී.සී. ප්‍රදිනාන්දු මහතා විසින් ඔහුට එම පත්වීම් ලිපිය පිරිනමා තිබේ.ලංවිම ඉංජිනේරු සංගමය කළ අඛණ්ඩ අරගලය හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබුණු බවද ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.

පසුගියදා එහි වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් පත්කෙරෙනු ආචාර්ය සුසන්ත පෙරේරා මහතාට එරෙහිව ලංවිම ඉංජිනේරු සංගමය ගෙනගිය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහුව එම තනතුරින් ඉවත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here