Sunday, November 17, 2024

ඉන්දියාව අවිආයුධ ආනයන ආදේශනය දෙසට හැරෙයි.

විදේශ රටවලින් අවි ආයුධ ආනයනය කිරීම වෙනුව‍ට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සූදානම් වේ.

විදෙස් වාර්තා සදහන් කළේ මේඅනුව ඉන්දියාව විසින් විදේශ රටවලින් මිලදී ගන්නා අවිආයුධ සම්බන්ධ වන සියලු ගනුදෙනු යළි සළකා බැලීමට ද තීරණය කර ඇති බවයි.

ඉන්දීය ගුවන් සහ නාවික හමුදා සදහා රුසියාවෙන් මිලදී ගැනීමට සැලසුම් කර ඇති කැමෝව් හෙලිකොප්ටර් මෙන්ම ටෝර්පිඩෝ පිළිබද ගනුදෙනු ද මෙහිදී යළි සළකා බැලීමට නියමිතව ඇති බව පැවසේ.

ඉන්දියාව පසුගියදා නවීනතම හයිපර්සොනික් මිසයිලයක් ද අත්හදා බැලූ අතර ඒවා වාණිජමය වශයෙන් නිෂ්පාදනය කර අපනයනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles