සීමාවක් නොමැතිව තම රටේ අනන්‍ය ආර්ථික කලාපයට ඇතුළුවන චීන වෙරලාරක්ෂක යාත්‍රා හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව මැලේසියාවේ හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය චින් තොන්ග් පවසයි.
විශේෂයෙන් සරවක් සහ සබා ප්‍රදේශ චීන යාත්‍රාවල බලපෑමට නතුව ඇති බවත් ඒවා පාලනයට තම රාජ්‍යය අසමත් වී ඇති බවත් ඔහු සදහන් කර ඇත්තේ විශේෂ ආරක්ෂක සම්මන්ත්‍රණයක දී ය.
අර්ද්ධීපමය රටක් ලෙස මැලේසියාව සාගර ආරක්ෂාව සදහා පුලුල් අවධානයක් යොමු කළ යුතු වුවත් පාබල ආරක්ෂාව සදහා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් එය වැරදි ප්‍රවේශයක් බවත් ඔහු මෙහිදී පවසා තිබේ.
මේ තත්වය වෙනස් කිරීම සදහා මැලේසියාවේ වෙරලාරක්ෂක සේවය පුලුල් කරන ලෙස ද හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය චින් තොන්ග් එරට රජයට යෝජනා කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.