Sunday, September 22, 2024

කැන්ගරුවෝ සිංහයන් සමඟ සටනට අද දිවයිනට..

ටෙස්‌ට්‌ තරග 3 කට, එක්‌දින තරග 5 කට සහ විස්‌සයි/20 තරග 2 කට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද ලංකාවට පැමිණෙනු ඇති. ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම වන්නේ ඕස්ට්‍රේලියාවයි. දෙරට අතර වූ තරඟාවලිය ආරම්භ වන්නේ ලබන 26 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගයෙනි. නමුත්, සති 2 කටත් වඩා වැඩි කාලයක්‌ ඉතිරිව තිබියදී ඔස්‌ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. අදාළ කාල සීමාවේදී ඔවුන් සහභාගිවන්නේ එක්‌ තුන්දින පුහුණු තරගයකට පමණි.

ඕස්ට්‍රේලියාව ලංකාවට පැමිණෙන්නේ වසර 5හකට පසුවයි. තුන් ඉරියව් ක්‍රීඩක ස්‌ටීවන් ස්‌මිත් නායකත්වය දරණවා. ක්‍රිකට්‌ ඉතිහාසයේදී ශ්‍රී ලංකාව සිය මව්බිමේදී ඔස්‌ට්‍රේලියානු පිල 13 වතාවක්‌ මුණ ගැසී ඇත. ඉන් 6 වතාවකදී ජයග්‍රහණ අත්කර ගැනීමට ඔස්‌ට්‍රේලියාව සමත්වුණු අතර, ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව ඇත්තේ 1999 වසරේදී පැවැති ටෙස්‌ට්‌ තරගයක්‌ පමණි. සෙසු තරග 6 ම ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කෙසේ නමුත්, එක්‌දින සහ 20-20 තරගවල වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ. දෙරට අතර පවත්වා ඇති එක්‌දින තරග 25 න් තරග 13 ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන අතර ඔස්‌ට්‍රේලියාව තරග 09 ක්‌ ජය ගෙන ඇත. පවත්වා ඇති 20-20 තරඟ දෙකෙන්ම ලංකාව ජය ගත්තා.

ඔස්‌ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නවසීලන්තය සමග පැවැති තරග 2 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වන අතර, ලංකාව දැන් සිටින්නේ එංගලන්ත තරඟාවලි සියල්ල්ම පැරදිලාය.

article_img02

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles