මෙරටින් හඳුනා ගන්නා ආසාදිතයන්ගෙන් 50% කට ඔමික්‍රෝන්

0
520

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේදි අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේවනවිට සමාජයෙන් හඳුනාගන්නා පිරිසගෙන් සියයට පනහකටම ආසාදිත වී තිබෙන්නේ ඔමික්‍රෝන් වයිරසය බවට සැක පළ කළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම වයිරසය ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ට ආසාදනය වුවහොත් සංකුලතා වැඩිවීම සහ මරණයට පත්වීමේ අවදානම වැඩිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සමාජයේ සිටින අතර ඔවුන් මගින් තවත් කෙනකුට බෝවීමේ හැකියාවද පවතී.

දෛනිකව ආසාදිතවන පුද්ගලයන් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවන පුද්ගලයන්ද වැඩි වශයෙන් සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here