ශ්‍රී ලංකා-ඕමාන ණය ගනුදෙනුව අසාර්ථක වූයේ ඇයි?

0
293

ශ්‍රී ලංකාවට ඉන්ධන වෙනුවෙන් වූ ණය පහසුකමක් ලබා ගැනීමට ඕමානය සමග කල සාකච්ඡා අසාර්ථකවී තිබේ.

ඩොලර් බිලියන 3.6 ක ණය පහසුකමක් යටතේ ඉන්ධන ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වුනේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුවයි.

නමුත් එහිදී ඕමානය විසින් ඉදිරිපත් කර තිබූ කොන්දේසි වල දී යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වීම නිසා සාකච්ඡා අසාර්ථක වී තිබේ.

එනිසා එම ඉන්ධන ණය ලබා ගැනීම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here